පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වැසේ

දිවයින පුරා සියළුම පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සියලු කතෝලික පාසල් ද රජයේ තීරණය අනුව යමින් නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර ඇති බවයි කොළඹ රදගුරු නිවසේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සඳහන් කළේ.