මාලදිවයින් හිටපු ජනපති නෂීඩ් බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගනී
මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පෙරමුණ ගත් 53 හැවිරිදි නෂීඩ් සිය නිවසෙන් පිටත මෝටර් රථයට ගොඩවීමට සැරසෙද්දී යතුරුපැදියක අටවා තිබූ බෝම්බය පිපිරීගොස් ඇති බව සඳහන්.
මාලදිවයිනේ රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොහොමඩ් නෂීඩ් ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත් බවයි.
තුවාල ලබා ඇති නමුදු ඔහුගේ තත්ත්වය ස්ථාවර බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
සන්නද්ධ පොලිස් සහ හමුදා සාමාජිකයින් ප්‍රහාරය එල්ල වූ ස්ථානයට රැකවල් ලා තිබෙනවා.
මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ්ට මෙම ප්‍රහාරය එල්ල වූයේ මාලේ නුවර ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීමට සුළු වේලාවකට පෙරයි.