ආක්ෂේගෙන් මිලියන දහයක පරිත්‍යාගයක්

සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමර් රාජ්‍ය නිළ නොවන සංවිධනයකට ඉන්දිය රුපියල් කෝටියක මුදලක් ආධාර වශයෙන් පරිත්‍යාග කොට ඇත. වාර්තා වන අන්දමට ආක්ෂේ මෙම මුදල ලබා දි ඇත්තේ ඉන්දිය ජාතික කණ්ඩායමේ හිටපු ආරම්ක පිතිකරු ගෞතම් ගාම්භිර් විසින් පවත්වා ‍ගෙන යන පදනමක් සඳහාය.

ඒ මේ වනවිට ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් අසරණ වි ඇති ඉන්දීය ජනතාව වෙනුවෙන් අවශ්‍ය ආහාර, ඔක්සිජන් හා ඹෟෂධ වර්ග ලබා ගැනීම සඳහාය. ගෞතම් ගාම්බිර් මෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්, ජනප්‍රිය නළුනිළීයන් සේම ව්‍යාපාරික පුද්ගලයන්ද සිය පදනම් හරහා ඉන්දීය ජනතාවට සේවය කරමින් සිටින බව වර්තා වෙයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!