මනෝජ් බජ්පායිට ඉන්දීය ජාතික සම්මාන ත්‍රිත්වයක්
ජනප්‍රිය සිනමා නළු මනෝජ් බජ්පායිට නැවත වරක් ඉන්දීය ජාතික සම්මානයක් හිමි විය. ඒ 2018 වසරේ ප්‍රදර්ශනය වූ ‘බොන්ස්ලේ’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. ඔහුට මෙවර හිමිවූයේ හොඳම නළුවා සම්මානය වීම විශේෂත්වයකි.
මීට පෙර දෙවතාවක් මනෝජ්ට ඉන්දීය ජාතික සම්මාන හිමිව තිබුණ අතර, ඒ 2003 වසරේ තිරගත වූ ‘ජන්ජාර්’ හා 1998 වසරේ තිරගත වූ ‘සත්‍යා’ චිත්‍රපට වෙනුවෙනි. 2003 වසරේදී ඔහුට ‘ඉන්දීය ජාතික’ සම්මාන උළලේදී ජූරියේ විශේෂ ඇගයිම් සම්මානයක් හිමිවූ අතර, 1998 වසරේදී හොඳම සහය නළුවාට හිමි සම්මානය හිමි විය.