පොළොන්නරුවේ ගොවීනුත් පොහොර නැතිව අපහසුතාවයෙන්

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් පවසනවා.

පොළොන්නරුව, මැදිරිගිරිය, ගිරිතලේ සහ මින්නේරිය ගොවි ව්‍යාපාර වලට අයත් ගොවීන් පවසන්නේ අදාළ තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ වෙළඳසැල්වල රසායනික පොහොර සහ කෘමිනාශක, වල්නාශක ඇතුලු කෘෂි රසායනික ද්‍රව්‍යවල හිඟයක් පවතින බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!