ඉන්දියාවේ කොරෝනා මරණ දෙවන දිනටත් 4000 ඉක්මවයි

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා මරණ 4092ක් වාර්තා වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 242,000 ඉක්මවූවා.

එමෙන්ම, සතියක් තුල පස්වන වරටත් හාරලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සමගම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි විසි දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඉන්දියාවෙන් කොරෝනා මරණ සහ ආසාදිතයන් මෙලෙස තවදුරටත් ඉහළ යමින් පවතිද්දී රට පුරා රෝහල් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අර්බුදයකට මුහුණදී සිටින බව සඳහන්.

ප්‍රාන්තවලට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීම සහතික කරලීම අධීක්ෂණය කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ජාතික කාර්ය සාධක බලකායක් ද පත් කළා.