දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.
ගම්පහ, අම්පාර, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයකුයි මෙලෙස හුදෙකලා කර ඇත්තේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් බල ප්‍රදේශයේ මහර ඇටිකෙහෙල්ගල්ල බටහිර 290A, කටාන K.C සිල්වා ග්‍රාමසේවා නිලධාරී වසම 70B, කදිරාණ උතුර ග්‍රාම නිලධාරී වසමේ ඇටඹ ගහවත්ත ගම්මානය, කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේෂකර්ම ගම්මානය, වත්තල සේදවත්ත ග්‍රාම නිලධාරී වසමේ මහ පමුණුගම කොටස, කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරි වසමේ 44 වන පටුමග, නිල්සිරිගම ග්‍රාම නිලධාරි වසමේ 03 හා 07වන පටුමග හුදෙකලා කෙරෙනු ඇති.
එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම කොටසත්, බක්මීදෙනිය ග්‍රාම නිලධාරි වසමේ රන්හෙළ ගම කොටසත්, සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටසත් අද (10) අලුයම සිට හුදෙකලා කෙරෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කෙරෙන්නේ අංගම්මන 182 සී ග්‍රාම නිලධාරී වසමයි.
කළුතර මොරගහහේන පලන්නෝරුව 604 ග්‍රාම නිලධාරී වසම,කෝරළඉම 604 ඒ ග්‍රාම නිලධාරී වසම, කුඹුක බටහිර 607 ඒ ග්‍රාම නිලධාරී වසම, හොරණ නර්තනගල 616 සී ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරෙනු ඇති.
එමෙන්ම මොණරාගල බෝ හිටිය ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කෙරෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ.
එලෙස හුදෙකලා කළ ප්‍රදේශ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්.