පැය 24 ක් තුල ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තුන් ලක්ෂ 29,000 ක් සහ මරණ 3800 ක්
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් තුන් ලක්ෂ 29,000 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව දෙකෝටි විසිනව ලක්ෂය ඉක්මවනවා.
ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 3876 ක් සමගින් එරට සමස්ත මරණ සංඛ්‍යාව ද දෙලක්ෂ 50,000 ට ආසන්න වුණා.
මේ අතර, කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඇතැම් ප්‍රාන්තවලට තවමත් ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොලැබෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
එලෙස ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ තිරුපති හි – රුයියා රෝහලේ විනාඩි 45ක කාලයක් ඔක්සිජන් සැපයුම නතර වීමෙන් රෝගීන් 11 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.