කොවිඩ් 19 අරමුදල එන්නත්කරණයට
කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත්කරණයට යෙදවීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
ඊට අදාළව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2020 වර්ෂයට අදාළ අරමුදලේ ගිණුම් විගණනය කිරීම සඳහා ජාතික විගණන කාර්යාලය වෙත භාරදී ඇති බවයි.
ඉටුකම, කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ මේ වනවිට පවතින ශේෂය රුපියල් මිලියන 1360 ඉක්මවා තිබෙනවා.
අරමුදලට බැර වී ඇති මුළු මුදල මිලියන 1752 ඉක්මවා තිබූ අතර, ඉන් සියයට 23 ක් වියදම් කර ඇති බවයි අරමුදලේ කළමනාකරණ මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව, පී.සී.ආර් පරීක්ෂණ ආශ්රිත වියදම්, දැනුවත් කිරීමේ වැඩසටහන් නිරෝධායන කටයුතු ආශ්රිත වියදම් සහ පරිපාලන වියදම් සඳහා එම වැයබර දරා තිබෙනවා.
එන්නත්කරණය, ගිලන් රථ සහ දැඩි සත්කාර ඇඳන් සඳහා ගෙවා ඇති මෙන්ම, ගෙවීමට ඇති මුළු මුදලේ එකතුව මිලියන 391 කට අධිකයි.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ සංවිධාන මෙම අරමුදලට දායක වී නොමැති අතර, විදේශාධාර සහ පරිත්‍යාග මහා භාණ්ඩාගාරය වෙත සිදුකරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.