කොරෝනා නිසා රට තුළ මතුව ඇති තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා

කොරෝනා සම්බන්ධයෙන් මේ වනවිට රට තුල මතුව ඇති තත්ත්වය පාලනය කර ගැනීමට ආණ්ඩුව සියලු කටයුතු සිදුකරමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ලබන සැප්තැම්බර් මාසය වනවිට මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 21000කට ආසන්න වනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සෞඛ්‍ය සමීක්ෂණ ආයතනයක් වන ෂ්‍යඵෑ ආයතනය සිදුකළ පුරෝකතනය පිළිබඳව සූම් තාක්ෂණය ඔස්සේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!