රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට
මොස්කව් නුවර සිට කිලෝමීටර් 820 ක් නැගෙනහිර දෙසින් පිහිටි කසාන් ප්‍රදේශයේ පාසලක මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව එක් අයෙකු මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
19 හැවිරිදි අනෙක් ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සිද්ධියෙන් තවත් ළමයින් 12 දෙනෙකු ඇතුළු 16 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වුණා.