පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති අනුවණ තීරණය වහා හකුලා ගත යුතු බව විපක්ෂ නායක කියයි

ගොවියා පීඩාවට පත් කරමින් පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති අනුවණ තීරණය වහා හකුලා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ අතර, වෙළෙදපොළේ පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය හිඟවීමට විරෝධය පළ කරමින් නොච්චියාගම බඩඉරිඟු ගොවීන් අද උද්ඝෝෂණයක නිරත වුණා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් අමුණුකොළ ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන් තම හේන්වල සිටම උද්ඝෝසණයක නිරත වුණා.

මේ අතර කැප්පෙටිපොල ප්‍රදේශයේ දේශීය අර්තාපල් ගොවීන් ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ රසායනික පොහොර ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ තම වගාවන් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රට තුළ මතුව ඇති පොහොර හිඟය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර බටපොල අම්පෙගම ප්‍රදේශයේ කුරුඳු ගොවීන් පෙන්වා දෙන්නේ පොහොර හිඟය තම වගා කටයුතුවලටද බලපෑම් එල්ල කර ඇති බවයි.