දිවයින පුරා යළිත් ඇඳිරි නීතිය – අද රාත්‍රියේ සිට මැයි 31 වැනිදා දක්වා , රාත්‍රී 11 සිට අළුයම 04 දක්වා …
අද රාත්‍රියේ සිට රාත්‍රී කාලයේදී රටපුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රාත්‍රී 11 සිට අළුයම 04 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.
මෙම තීරණය මැයි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.