විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දීර්ඝ කෙරෙයි
මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ මෙරට රැඳී සිටීම සඳහා නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව දීර්ඝ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
අදාළ වලංගු කාල සීමාව මැයි 11 වැනිදා සිට ජුලි 09 දක්වා දින 60කින් දීර්ඝ කළ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.