නටාලිය කාර්යබහුලයි
පළමු වතාවට ‘මාවල්’ චිත්රපටයක් සඳහා සම්බන්ධව සිටින සුරූපි සිනම නිළි නටාලියා ෆොට්මන් මේ වනවිට එම චිත්රපටය වෙනුවෙන් කාර්යබහුල වී ඇති බව වාර්තා වෙයි. ‘කොවිඩි’ වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදිම මෙම චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු අවලංගු කළද මේ වනවිට ‘කොවිඩ්’ වසංගතය අඩු නවසීලන්තයේ මෙහි රූපගත කිරිම් කටයුතු සිදු කරමින් සිටින බව වාර්ත වෙයි.
නටාලිය මෙසේ පෙනී සිටින්නේ ‘තෝර්’ අලුත්ම චිත්රපටය වූ ‘තෝර් – ඇන්ඩ් තන්ඩර්’ චිත්රපටය සඳහාය. ඇය මෙහි ක්රිස් හෙම්ස්වර්ත් හා ක්රිස්ටියන් බෙල් සමගින් ප්රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙයි.