කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – අවදානයෙන් සිටින්නැයි පහත් බිම්වල ජනතාවට උපදෙස්
පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව කොළඹ වත්තල, බියගම කොළොන්නාව, කඩුවෙල සීතාවක දොම්පේ රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවල ගඟ දෙපස පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව නිවේදනය කර තිබෙනවා.
මේ අතර කළු ගඟේ ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
ඒ අනුව ගංඟා අවට පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිල්ලෙන් සිටින ලෙසයි එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.