ඉන්දියාවේ සිර වී සිට ඕස්ට්‍රේලියාවට රැගෙන ගිය පළමු කණ්ඩායමේ 75කට කොරෝනා

සංචාරක තහනම හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටියදී ඕස්ට්‍රේලියාව වෙත රැගෙන ගිය පළමු කණ්ඩායමේ 75 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ඕස්ට්‍රේලියානු රජය ඉන්දියාවේ සිට පැමිණෙන තම පුරවැසියන් ඇතුළු සියලුදෙනාට බලපැවැත්වෙන පරිදි හෙට දිනය දක්වා සංචාරක තහනමක් පනවනු ලැබුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් 9,000 ක පමණ පිරිසක් ඉන්දියාවේ සිරවූ අතර, එම පිරිස අතරින් පළමු කණ්ඩායම ලෙස 150  දෙනෙකු රැගෙන ඒමට ඕස්ටේ්‍රලියානු හමුදා ගුවන් යානයක්  පිටත්ව ගොස් තිබුණා.

එලෙස රැගෙන ආ පිරිස හොවාඩ් ස්ප්‍රින්ග් හි භූගත කඳවුරක්, නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසට පරිවර්තනය කර නිරෝධායනයට ලක් කෙරෙන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.