කොරෝනා පාලනයට යොදා ගන්නා ඖෂධ නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළට

කොරෝනා පාලනය සඳහා යොදා ගන්නා ඖෂධ නිපදවීමට භාවිත කරන අමුද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ලොව ප්‍රධානතම ඖෂධ නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ චීනයෙන් ආනයනය කරන අමුද්‍රව්‍ය රැසක මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පැරසිටමෝල් සහ ඇසිත්‍රෝමයිසීන් නිපදවීම සඳහා චීනයෙන් ගෙන්වන අමුද්‍රව්‍යවල මිල සියයට 30ත්, 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව ද සදහන්.

ඉන්දීය ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ විධායක අධ්‍යක්ෂ අශෝක් කුමාර් කියා සිටියේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඖෂධ නිපදවීමට භාවිත කරන චීනයෙන් ආනයනය කරන අයිවර්මෙක්ටින් හි මිල සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.