දොළොස් ලක්ෂයකට කොරෝනා එන්නත්වල පළමු මාත්‍රාව ලබාදෙයි

කොරෝනා වෛරසය මැඩලීමේ අරමුණින් ලබාදෙන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා මේ වනවිට පුද්ගලයින් 1,216,677 දෙනෙකුට පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඒ අනුව 925,242 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 276,762 ක්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වනවිට 14,673 දෙනෙකුට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය සඳහන් කළේ පුද්ගලයින් 256,004 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති බවයි.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2,435 ක්.