තවත් කොරෝනා මරණ 20ක් – සමස්තය 941 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිත මරණ 20ක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියා.
මෙම මරණ විස්සෙන් 19 කටම කොවිඩ් නියුමෝනියා තත්වය හේතුවක් වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60 ත් 87ත් අතර වයස්වල පසුවන පන්විල, කැළණිය, බුලත්සිංහල, ගෝනපොල, ගම්පොල, කළවාන, පොළොන්නරුව, අඹතැන්න සහ කුණ්ඩසාලේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඊට අමතරව උතුරු කළුතර, පොළොන්නරුව, නවුත්තුඩුව, මග්ගොන, කොළඹ 13, රුවන්වැල්ල, වවුනියාව, කොළඹ 14, නෑබොඩ, දියතලාව සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ද කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.