මැයි 21 සිට බලපැවැත්වෙන නව සංචරණ සීමා මෙන්න
මේ සතියේ සිකුරාදා දින (21) සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබේ.
මැයි 21දා රාත්‍රී 11.00 – මැයි 25දා අලුයම 4.00 දක්වා ද ඉන්පසුව මැයි 25දා රාත්‍රී 11.00 – මැයි 28දා අලුයම 4.00 දක්වද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.