20 සම්මතයි… පක්ෂව ඡන්ද 156 ක් විරුද්ධව 65 ක්
20 සම්මතයි… පක්ෂව ඡන්ද 156 ක් විරුද්ධව 65 ක් මෛතී‍්‍ර නෑ : විජයදාසත් පක්ෂ වෙයි විපක්ෂයේ 8 ක් පක්ෂව ඡන්දය දෙති
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද ඡන්ද 156 ක් ලබා ගනිමින් ඊයේ (22 දා* රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකටත් වඩා වැඩි ඡන්දයෙන් සම්මත කරනු ලැබීය.
සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් (ඡුන්ද 150 ක්* අවශ්‍ය වුවත් ඒ සඳහා ඡුන්ද 156 ක් ලැබිණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 ක් පක්ෂව ඡන්දය දුන්හ.
ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡුන්ද 65 ක් ප්‍රකාශ විය. සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ ද්‍රවිඩ පක්ෂ විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැත. අණ්ඩු පක්ෂයේ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය.