කොරෝනා මැද ‘ටවුටේ’ ඉන්දියාව කළඹයි

කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස පීඩා විඳින අතරතුර ඉන්දියාවට බලපෑ ටවුටේ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැයට කිලෝමීටර 160 ක ප්‍රබලත්වයකින් බටහිර ගුජරාටයට ඇතුලු වූ ටවුටේ සුළි කුණාටුව හේතුවෙන් 150,000 ක පිරිසක් අවතැන් වී ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර ගතවූ පැය විසි හතර තුළද ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තාවී තිබෙනවා.

ඒ, නව ආසාදිතයන් 263,045 ක්  සහ මරණ 4,340 ක් වාර්තාවීමත් සමඟයි.

එමෙන්ම දිනක් තුළ ඉන්දියාවේ වෛද්‍යවරු 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කළා.

මේ දක්වා කොරෝනා වසංගතයෙන් මියගොස් ඇති මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව 244 ක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.