අසාද් සාලි ජාතික රෝහලට
රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහු මේ වනවිට 49 වන වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අසාද් සාලිගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.