ගාසා තීරයට ජාත්‍යන්තර ආධාර නවතී

ඊශ්‍රායලය ගාසා තීරයේ දේශසීමා යළි වසා දැමීම හේතුවෙන් ගාසා තීරයට සැපයෙන ජාත්‍යන්තර ආධාර නතර වී තිබෙනවා.

ඒ ගාසා තීරයේ දේශසීමා යළි විවෘත කරන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසුව පලස්තීනය මෝටර් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟයි.

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල නිලධාරියෙකු  තුවාල ලැබුවා.

ජාත්‍යන්තර මානුෂිය ආධාර ඊශ්‍රායලය ඊයේ දිනයේ දේශ සීමා විවෘත කරමින් ගාසා තීරයට රැගෙන යාමට උත්සාහ කළද එම ට්‍රක් රථ තාවකාලිකව නතර කිරීමටද දේශ සීමා ආරක්ෂකයින් පියවර ගත්තා.