ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්
30 වසරක රුදුරු ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය නිදහස් කරගත් විජයග්‍රහණයේ 12 වැනි වසර සිහිකරමින් ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
අමුත්තන්ගේ පැමිණීමෙන් පසුව මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.
මෙම රණවිරු සැමරුමේ විශේෂත්වය වූයේ ගුවනින් ස්මාරකයන් වෙත් මල් ඉසීමයි. අනතුරුව වසර 30 ක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදය හමුවේ දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.
පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූවා.
රට දැය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රණබිමේ සටන් වැද දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් පිරිස්ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව වඩාත් සංවේදී වුණා.