ගාසා තීරයට විනාඩි 25ක් තුළ බෝම්බ ප්‍රහාර 122ක්
අද දිනයේදීත් ඊශ්‍රායලය විසින් විනාඩි 25ක් තුළ බෝම්බ ප්‍රහාර 122 ක් ගාසා තීරයට එල්ල කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එයින් පලස්තීන ජාතිකයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඊට මාධ්‍යවේදියෙකු ද අයත් වනවා.
මේ අතර ඊශ්‍රායලය විසින් අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ තවත් මහල් 16 කින් යුත් නිවාස සංකීර්ණයකට ප්‍රහාර එල්ල කරන බවයි.