අද කොවිඩ් මරණ 36ක්! රෝගීන් ගණන 3,500ත් පන්නයි!
කොවිඩ් වසංගකය ඇරඹීමෙන් පසුව පළමු වරට දිනකදී මෙරටින් වාර්තා වූ රෝගීන් ගණන 3,500 ඉක්මවා තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (19) ප.ව. 09.45ට පළ කළ නවතම වාර්තාවට අනුව අද දිනයේදී මේ දක්වා රෝගීන් 3,623ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 151,343කි.
මේ වන විට රෝගීන් 27,925ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 122,367ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
තවද මේ දක්වා සිදුව ඇති මරණ ගණන 1051ක් ලෙස එහි දැක්වෙන අතර, මේ අනුව අද දිනයේදී තහවුරු වී ඇති මරණ ගණන 36කි.