වතුපිටිවල සහ නෝර්වුඩ් ඇඟලුම් කර්මාන්තශාලාවලින් ආසාදිතයින් හමුවේ
වතුපිටිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ගතවූ සතිය තුළ සිදුකර කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙලෙස රෝගීන් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 80 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.
මේ අතර නොර්වුඩ් ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 16 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
සේවකයින් 281 දෙනෙකුට සිදුකල කොරෝනා පරීක්ෂාවකින් මෙලෙස ආසාදිතයින් හමුවුණා.
සිද්ධිය සම්බන්ධයෙන් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ.
එම ඇගලුම් කර්මාන්තශාලාවේ මේ වන විට පුද්ගලයින් 100කට පමණ ආසන්න සංඛ්‍යාවක් කොරෝනා ආසාදිත වී තිබෙනවා.