හෙට රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
හෙට රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම හතර දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් 25 වන දා අලුයම 4ට පැය 19ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර, යළි එදිනම රාත්‍රී 11ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා.
එය ඉවත් කෙරෙන්නේ 28 වන සිකුරාදා අලුයම 4 යි.
ආසාදිතයන් 24 දෙනෙකු හමුවීමත් සමඟ කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහවත්ත පාරේ 233 වත්ත අද පෙරවරුවේ සිට හුදෙකලා කෙරුණා.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මීට පෙරද අදාළ ප්‍රදේශයෙන් ආසාදිතයන් 13 දෙනෙකු හමුවූ බවයි.
ඒ අනුව සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි අද පෙරවරුවේ එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගැනුනේ.
හුදෙකලා කෙරුණු 233 වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 360 දෙනෙකු පමණ ජීවත්වන අතර, තවත් පුද්ගලයින් 100 කගේ පමණ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.
එසේම මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ දෙකක ග්‍රාම නිලධාරී වසම් 5ක් ද අද පෙරවරුවේ සිට හුදෙකලා කෙරුණා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ සින්නෝරානි සහ පලමීන්මඩු ග්‍රාම නිලධාරී වසම් සහ කාන්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ තිරුචෙන්දූර්, කල්ලඩිවෙල්ලූර් සහ නොචිමුනායි යන ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ග්‍රාමය හැර අනෙකුත් ගම් හුදෙකලා කෙරුණු බවයි.