ඉදිරි කාලගුණය ගැන අවදානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

ඉදිරි කාලයේදී දිවයිනේ සහ මුහුදු ප්‍රදේශවල සිදුවන කාලගුණික වෙනස්වීම් පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ මාසයේ සිට සැප්තැම්බර් දක්වා පැවැත්වෙන නිරිතදිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් එම කාලගුණ වෙනස්වීම් සිදුවිය හැකි බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ හේතුවෙන් ඇති වන අධික වර්ෂාපතනය සහ සුළං තත්ත්වය හමුවේ ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය ඇතුළු රටේ ආර්ථික ජීවනෝපායට විශාල බලපෑමක් එල්ල විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.