සයිනොෆාම් එන්නත 485,000 කට ලබා දී අවසන්

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අදාළව, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 18,988 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව, එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 485,373 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එසේම, ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 8,738 දෙනෙකුට ලබාදී ඇති අතර, එහි පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 925,242 ක්.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද මේ වනවිට පුද්ගලයින් 14,941 දෙනෙකුට ලබාදී තිබෙනවා.