ඉන්ධන මිල ගැන අවධානය

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් ඉහල යාම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය ගැටළු පිළිබඳව පත් කළ අනු කමිටුව තුන්වන වරට ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදීයි මේ පිළිබඳව අවධානය යොමුව ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහල ගියද ජනතා සහන අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව තවදුරටත් සාකච්ජාවට බඳුන් වී තිබෙනවා.

පසුගිය වසරේ මුදල් අමාත්‍යාංශය මැදිහත්වී ඉන්ධන මිල ස්ථායි කිරීම යටතේ රුපියල් බිලියන 50 ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවා ඇතත් තවත් රුපියල් බිලියන 79 ක ණය ලැබීමට නිමිතව ඇති බවද එහිදී අනාවරණ තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව ලබන පාඩුව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද සඳහන්.