පලස්තීනුවන් සටන් විරාමය සමරයි
ඊශ්‍රායලය සහ පලස්තීන සටන් කණ්ඩායම් අතර ඇතිකරගත් සටන් විරාමය ක්‍රියාත්මකවීමත් සමඟ ගාසා තීරයේ පලස්තීනුවන් එය උත්සවශ්‍රීයෙන් සමරන බව වාර්තා වනවා.
ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර 04 වන විශාලතම යුද්ධය ලෙස හැඳින්විය හැකි මෙම දින 11 ක ගැටුමේදී ගාසා තීරයේ පලස්තීනුවන් දෙසිය තිස් දෙදෙනෙකු මෙන්ම ඊශ්‍රායලයේ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ජෙරුසෙලමේ අල්අක්සා ඉස්ලාමීය පූජ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන ඇති වූ මෙම සටනින් තමන් ජයග්‍රහණය කළ බවයි ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය ප්‍රකාශ කළේ.
කෙසේ නමුත්, ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ මහල් කුළුණු ගොඩනැගිලි ඇතුළු දේපල රැසකට හානි සිදුවූ අතර, උන්හිටිතැන් අහිමි වූ පලස්තීනුවන් සංඛ්‍යාව අතිමහත්.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ජනතාව කොවිඩ් 19 වසංගතයෙන් මුහුණදෙන අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා ඉදිරි මාස 06 තුළ ඩොලර් මිලියන 07 ක් අවශ්‍ය වන බවයි.