භාණ්ඩ මිල ඉහළ දැමීමක් නොමැති බව ඇමති බන්දුල කියයි

ඉදිරි මාස 3ක කාලයක් යන තෙක් කිසිදු භාණ්ඩයක මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ මේ දිනවල ලෝක වෙළඳපොල තුල ඛනිජ තෙල් සහ ගෑස්වල මිල ද අසාමාන්‍ය ලෙසට ඉහළ යාමක් පවතින බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ භාණ්ඩ ප්‍රවාහනය සාමාන්‍ය පරිදි සිදු නොවීමෙන් මතුව ඇති කන්ටේනර් හිගය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන වියදම් ද අන්තර්ජාතිකව අසීමිත ලෙසට ඉහළ ගොස් ඇති බව ඔහු කියාසිටියා.

මේ අතර ලබන 24 සහ 25 දෙදින තුල සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

එමෙන්ම එම මධ්‍යස්ථාන වෙත ගොස් භාණ්ඩ රැගෙන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවසරය මත නිවෙස් වෙත ගොස් බෙදාහැරීමට වෙළඳුන්ට අවස්ථාව හිමිවන බවයි ඔහු ප්‍රකාශ කළේ.