ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය අනෙකුත් මැදි ආදායම් රටවලට අනතුරු ඇඟවීමක්
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පසුගිය දින තුන තුලම, 4000 ඉක්මවූ අතර, දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ද සතියකට වැඩි කාලයක් තිස්සේ දෙලක්ෂයකට අධිකයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ මේ වසර අවසන් වනවිට ද ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය ජනගහනයෙන් සියයට 35 නොඉක්මවනු ඇති බවයි.
මූල්‍ය අරමුදල පවසන පරිදි කොරෝනා වසංගතය මිහිපිටින් තුරන් කිරීමට නම් මේ වසර අවසන් වනවිට ලොව සෑම රටකම ජනගහනයෙන් සියයට 40 කට වත් කොරෝනා එන්නත් ලබාදිය යුතුයි.
ලබන වසරේ මැද භාගය වනවිට එලෙස ලෝක ජනගහනයෙන් සියයට 60 කට කොරෝනා එන්නත් ලබාදිය යුතු බව මූල්‍ය අරමුදලේ අදහසයි.
කොරෝනා වසංගතය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 50ක යෝජනාවලියක් ඊයේ ප්‍රකාශයට පත් කළේ යුරෝපීය කොමිසමේ සහ ජී -20 ප්‍රධාන පෙලේ රටවල සෞඛ්‍ය සමුළුවකට එක්වෙමින්.