ඉන්දියාවේ වෛද්‍යවරුන් 420ක් කොරෝනා දෙවන රැල්ලට බිලිවෙයි
ඉන්දියාවේ දැන් ව්‍යාප්ත වෙමින් පවතින දෙවන කොරෝනා රැල්ල හේතුවෙන් වෛද්‍යවරුන් 420 ක් ජිවිතක්ෂයට පත්වී ඇති අතර, ඉන් 100 කට වැඩි පිරිසක් දිල්ලියේ වෛද්‍යවරුන් බව ඉන්දීය වෛද්‍ය සම්මේලනය ප්‍රකාශ කළා.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ සියලුම රෝහල් මේ වනවිට පිරී ඉතිරී ගොස් ඇති අතර, කොරෝනා මරණ පිලිස්සීම සඳහා ආදාහනාගාරවල පවතින්නේ තදබදයක්.
දිල්ලියට අමතරව, බිහාරයේ වෛද්‍යවරුන් 96 දෙනෙකු සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් 41 දෙනෙකු දෙවන කොරෝනා රැල්ලට බිලිවී තිබෙනවා.
නිල වාර්තාවලට අනුව ඉන්දියාවේ පළමු කොරෝනා රැල්ලෙන් මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 748 ක්.