නෙදර්ලන්ත කණ්ඩායම ගිනිගත් නැවට
කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට සිදුව ඇති හානිය ඇගයීම සඳහා දිවයිනට පැමිණි නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායම අද අලුයම එම නෞකාව ආසන්නයට ළඟා වී තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එක්වීම සඳහා නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් ඊයේ පස්වරුවේ ළගා වුණා.
නෞකාවේ ගින්න තවදුරටත් විටින් විට දැකිය හැකි අතර, එහි ගිනි නිවීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.
ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් එක්වුණා.
පසුගිය 19 වැනිදා කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000ක් බරැති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාළුම් 1,486ක් අඩංගු වනවා.
එහි නයිට්‍රික් ඇසිඩ් මෙටි්රක් ටොන් 25 ක් ඇතුළු රසායනික ද්‍රව්‍ය හා රූපලාවණ්‍ය ද්‍රව්‍යද ඇතුළත්.
මෙම රසායනික ද්‍රව්‍ය, පොහොර මෙන්ම පුපුරණ ද්‍රව්‍ය නිපදවීම සඳහාද යොදා ගැනෙන අනතුරුදායක භාණ්ඩ ගණයට අයත් වන බව සඳහන්.
මැරිටයිම් එක්සෙකටිව් නැමැති නෞකා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් අලුතෙන්ම නිෂ්පාදනය කළ නෞකාවක් වන අතර, එය හිමිකාර සමාගම වෙත ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරියේදී බවයි.