හමුදා කපිතාන්වරයෙකුටත් කෝවිඩ් ආසාදනය වෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතාන්වරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම යුද හමුදා කපිතාන්වරයා යුද හමුදා කඳවුරට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී මෙම යුද හමුදා කපිතාන්වරයාට වෛරසය ආසාදනය වෙන්නට ඇති බවට අනාවරණය වී ඇත්තේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෛරසය ආසාදනය වූ මෙම යුද හමුදා කපිතාන්වරයා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කොට ඇත.