අඩු පීඩන තත්වය හෙට සුළි කුණාටුවක් වෙයි
අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමෙන් ඇතිවූ තත්ත්වය හෙට දිනය වන විට සුළි කුණාටුවක් බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියාසිටියේ හෙට එම සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර ප්‍රදේශයට ඇතුල් වන බවයි.
මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට වැසි ඇතිවිය හැකියි.
මෙම සුළි කුණාටුවේ සෘජු බලපෑම ඇති වන්නේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු ප්‍රදේශයට වන අතර එහි නාවික සහ ධීවර කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.