කට කතාවලට රැවටෙන්න එපා

‘හැරි පෝටර්’ චිත්‍රපට මාලාවේ ‘හර්මයිනි’ චරිතයට පණ පෙවූ සුරූපි එමා වොට්සන් මීට දින කිහිපයකට පෙර විවාහ වූ පුවතක් වාර්තා වුවාය. මාස කිහිපයකට පසුව සිය සමාජජාලා පිටු යාවත්කාලීන කරමින් එමා සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සඳහන් කර තිබුණේ තමා මේ වනවිටත් අවිවාහකව සිටින බවය. එමෙන්ම කට කතාවලට රැවටෙන්න එපා යන්න ඇය සිය රසික, රසිකාවියන්ගෙන් ඉල්ලීමක්ද කර තිබුණි.

එමා මේ වනවිට ලියෝ රොබින්ටන් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටින අතර, මීට දින කිහිපයකට පෙර සඳහන් වූයේ ලියෝ හා එමා හොර රහසේ විවාහ වූ බවය. විවාහ ගිවිසගත් කතාවට පෙර එමා රංගනයෙන් ඉවත්වෙන බවටද රාවයක් පැතිරගියද එයද එමා විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!