15වන කොවිඩ් මරණය වාර්තා වෙයි
කොවිඩ් වෛරසය හේතුවෙන් තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වැනිදා රෝහලට ඇතුළත් කළ බවත්, කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.
16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව මෙය කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරට තුළ සිදු වූ 15 වැනි මරණයයි.