විදේශ විනිමය අරමුදල් රැස් කර ගැනීම සඳහා ආයතනික අංශයට වැඩි අවස්ථාවක්
ඒ අනුව, ඒ සඳහා බලපවත්වන රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගැනෙනු ඇති.
මෙරටට විදේශ විනිමය ආකර්ශනය කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මහබැංකුව මගින් මේ වනවිට සලකා බලමින් සිටිනවා.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් මෙරටට විදේශ විනිමය ගලා ඒම මන්දගාමී වී පැවතීම ඊට හේතුවයි.
මේ නිසා විදේශ විනිමය අරමුදල් එක්රැස් කර ගැනීම සඳහා ආයතනික අංශයට සුදුසු වාතාවරණයක් සැලසීමට මහබැංකුව කටයුතු කරමින් සිටින බව සඳහන්.