ඉතාලියේ කේබල් කාර් අනතුරකින් 14ක් ජීවිතක්ෂයට
උතුරු දිග ඉතාලියේ මැගියෝරේ විල ආසන්න කඳුකර ප්‍රදේශයකදී කේබල් කාර් රථයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
සංචාරක ප්‍රදේශයකදී සිදුවූ එම අනතුරෙන් තම පුරවැසියන් පස් දෙනෙකුද ජීවිතක්ෂයට පත්වී ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
කේබල් කාර් රථය කඩා වැටුණු ස්ථානයේදී වැඩි දෙනෙකු මියගිය අතර, දිවි ගලවාගත් ළමයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකුද පසුව ජීවිතක්ෂයට පත්වූ බවයි ඉතාලි බලධාරීන් ප්‍රකාශ කළේ.
කඳුකර ප්‍රදේශ හරහා පුද්ගලයින් ප්‍රවාහනයට යොදා ගැනෙන මෙම කේබල් කාර් රථය මීටර් 300 ක් පමණ ඉහළ ප්‍රදේශයකදී අක්‍රීය වී ඇති අතර, එය බෑවුමේදී කඩා වැටී පෙරලී ගොස් ඇති බව සඳහන්.