සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතර එන්නත් ගැටලුව ඔඩුදුවයි
කොරෝනා මර්දනයට අදාළ සියලු කටයුතුවලින් හෙට සිට ඉවත් වන බවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අනතුරු අඟවනවා.
ඒ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා නොදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයින්ට එන්නත් ලබාදීමට විරෝධය පළ කරමින්.
වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ට විශේෂතාවක් දක්වමින් කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත ආරම්භ වී ඇතැයි, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.
ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ පවතින අවදානම එක් වෘත්තියකට පමණක් සීමා නොවන්නක් බැවින් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ට එක හා සමානව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි.
කොළඹ ජාතික රෝහලේ මෙන්ම මීගමුව මහ නගර සභා පරිශ්රයේදීද වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිදුකෙරුණා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් මෙම තීරණයට විරෝධය පළ කරමින් හෙට සිට කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වන බව ප්‍රකාශ කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මතුව ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.