හිල්ටන් කලම්බෝ හා ගෝල්ෆේස් හෝටල් මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි : COVID-19
හිල්ටන් කලම්බෝ හි සේවකයකුට COVID-19 අසාධනය වීම හේතුවෙන් එහි මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
අදාළ තත්ත්වය සම්බන්ධයෙන් එම හෝටල් කළමනාකාරිත්වය විසින් නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.
මේ අතර, කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් හිල්ටන් කලම්බෝ හෝටලය පිහිටා ඇති ප්‍රදේශයෙන් COVID-19 රෝගියෙකු සොයා ගත් නමුත් එය හෝටල් පරිශ්‍රයෙන්ද යන්න තහවුරු කිරීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබලන බවද කියා සිටී.
ගෝල්ෆේස් හෝටලයද සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙහෙයුම් නතර කරන ලෙස එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෝල්ෆේස් හෝටලයට දැනුම් දී ඇති අතර සියලුම හෝටල් කාර්ය මණ්ඩලය අද (24) PCR පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවද පැවසේ.
මේ අතර, ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සව කිහිපයක් අත්හිටුවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හෝටල් පාලනාධිකාරියට දැනුම් දී ඇති බව වාර්තා වේ.
කෙසේවුවද, එම හෝටලයෙන් ආසාදිතයකු හඳුනාගැනීම හේතුවෙන් මේ පියවර ගනු ලැබුවේද නොඑසේනම් පූර්ව ආරක්ෂක වැඩපිළිවෙලක් ලෙස මෙය සිදු කළේද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.
ෂැංග්‍රිලා හෝටලය ද අදාළ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.